මම ඔහුට සුභපතනවා’..හතුරුසිංහට සැර කතාවක් කියූ සෞම්‍ය සාකර්ට ‘තමීම්’ගෙන් හොද පහරක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන පුහුණුකරුවා මෙන්ම බංගලාදේශ කණ්ඩායමේ වසර හතරක කාලයක් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කල චන්දික හතුරුසිංහ පිළිබඳව බංගලාදේශ ක්‍රීඩකයන්ට ක්‍රීඩකයන්ට ඇත්තේ කුමන අකාරයේ හැගීමක්ද යන්න මේ දිනවල ඔවුන් මාද්‍ය වලට පවසන අදහස් වලින් පැහැදිලි වේ.
චන්දික ගැන ෂකීබ් පවසා තිබුනේ ශ්‍රී ලංකාව ඔහු බංග්ලාදේශයෙන් පැහැරගත් කථාවකි ආරම්භක පිතිකරු සෞම්‍ය සාකර් පවසා තිබුනේ චන්දිකට වැඩ පෙන්වීමට හැකි වුනේ බංගලාදේශ ක්‍රීඩකයන්ගේ දක්ෂතා නිසා මේ අතර වාරයේ බංගලාදේශ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් පසුගිය දිනක තරඟාවලිය ගැන ප්‍රකාශයක් නිකුත් කර තිබුනද චන්දික ගැන පවසා නොතිබුන අතර,චන්දික පසුගිය දිනක බංගලාදේශයේ පුහුණුකාර ධුරය හදිසියේ අතහැරීම ගැන අදහස් දක්වමින් පවසා තිබුනේ තමන් පුහුණුකාර ධුරය අතහැරියේ තමාගේ කාර්යය අවසන් වූ පසුව බවය.
එම හතුරුසිංහ පැවසූ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඩකා හි මීර්පූර්හි පැවැති පුහුණු සැසිය නිමා වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් පවසා සිටියේ චන්දිකගේ කාර්යය අවසන් බව තමා නොසිතන බවත්, හතුරුසිංහ පසුගිය අවුරුදු කීහිපය තුළ බංගලාදේශ කණ්ඩායමේ සාර්ථකත්වය සදහා උදව් කළ සේම ශ‍්‍රී ලංකා කණ්ඩායමද එම සේවයම ලබාදීමට හැකිවේවායි තමන් ප‍්‍රාර්ථනා කරන බවත්ය.
මට කියන්න බෑ ඔහු එයාගේ කාර්්‍ය ඉවර කළා කියලා..ඒත් මට නිසැකව කියන්න පුලුවන් බංගලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමට ඔහු විශාල සේවකයක් කළා.ඔහු අපේ පුහුණුකරු ලෙස අවුරුදු 04ක් වැඩ කළා.ඒ අවුරුදු 04 තුළ ගොඩක් සාර්ථකත්වයක් ලබාගත්තා.ඒක නිසා ඔහුට ලොකු ගෞරවයක් හිමිවිය යුතුයි.ඔහු ක‍්‍රීඩකයින් සමග ගොඩක් හොද කාර්්‍ය්‍යක් ඉටු කලා.ඒත් දැන් ඔහු ශ‍්‍රි ලංකා කණ්ඩායමේ පුහුණුකරු මම ඔහුට සුභපතනවා ඔහුගේ නව තනතුරට.
තමීම්ගේ මේ ප්‍රකාශය තම සහයක පිතිකරුවා වූ සෞම්‍යා සාකර්ට ද හොඳ පහරක් වන්නේ ඔහුද චන්දිකගේ අවශ්‍යතාවය මත කණ්ඩායමට පැමිණියා මෙන්ම ඔහුගේ පසුගිය කාලයේ දියුණුවට චන්දික දැඩි බලපෑමක් වූ බවද බංගලාදේශ මාද්‍ය පවා පවසද්දී “තමා හොඳට පාඩම් කලොත් හොඳට විභාගයට ලියන්නට පුළුවන් වන්නා මෙන් පුහුනුකරුටද ක්‍රීඩකයන්ට දෙන්න පුළුවන් යම් ප්‍රමාණයක් පමණයි යන ප්‍රකාශය කරද්දී, ඔහුට චන්දිකට වචනයකින් හෝ ස්තුති කිරීමට අමතක වීම ගැනද තමීම් මෙම ප්‍රකාශය කරන්නට හේතුවක් වන්නට ඇත.
චන්දික හතුරුසිංහ එරට ක‍්‍රීකට් කණ්ඩායම සමග 2014 වර්ෂයේදී පුහුණුකරු තනතුරෙහි වැඩ භාරගත් අතර ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ බංගලාදේශ කණ්ඩායම ඉතාමත් සාර්ථක වර්ධනයක් පෙන්නුම් කළ අතර 2015 වසරේ ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයටද සුදුසුකම් ලැබීමට සමත් විය.
එමෙන්ම බංගලාදේශයේදී ඉන්දියාව, පාකිස්තානය හා දකුණු අප‍්‍රිකාව වැනි ප‍්‍රබල රටවල් පරාජය කිරීමට ද බංගලාදේශ කණ්ඩායම සමත් වු අතර එංගලන්ත කණ්ඩායමට හා ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග ජයක්ද ලැබීමට සමත්විය තවද 2017 වර්ෂයේ ශූරයින්ගේ කුසලානයේ අවසන් පුර්ව වටයටද පැමිණීමට බංගලාදේශ කණ්ඩායම සමත්වුයේ හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේය.

Comments
Post a Comment